චීනය නැවත භාවිත කළ හැකි රොකට්ටුවක් වන Zhuque-3 අද(19) නිකුත් කළ අතර ගොඩබිමේ දී රොකට්ටුවක පළමු ගොඩබෑම අත්කර ගැනීමට සමත් විය. රොකට්ටුව Beijing වේලාවෙන් පෙ.ව. 7.35ට, වයඹදිග චීනයේ Dongfeng commercial space innovation pilot zone වෙතින් ගුවන්ගත කර ඇත. මෙම මෙහෙයුමේදී රොකට්ටුවේ පළමු අදියර (first stage) ගොඩබිම පිහිටි නියමිත ප්රදේශයකට සාර්ථකව නැවත ගොඩබස්වා තිබේ. එහිදී landing legs භාවිත කරමින් පළමු අදියර පාලනය කර ගොඩබිමට නැවත ගෙන ඒම චීනය විසින් සිදු කළ පළමු සාර්ථක මෙහෙයුම මෙයයි.




