පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් වූ ප්‍රධාන නඩුවේ වරදකරුවන් 15 දෙනාට ඊයේ රාත්‍රියේ දඬුවම් නියම කෙරුණා. ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි. අදාළ වරදකරුවන්ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම් නියම කිරීමටයි අධිකරණය එහිදී නියෝග කළේ. එසේම ඔවුන්ගේ සියලුම නිශ්චල සහ චංචල දේපළ ද රාජසන්තක කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



