අර්නාබ් මේ වනවිට ප්රබල සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති බව කාලගුණ අංශ පවසනවා. එය කන්කසන්තුරය වෙරළට ඔබ්බෙන් කිලෝ මීටර් 890ක් පමණ දුරකිනුයි ස්ථානගතව තිබෙන්නේ. ඉදිරි පැය 06 ක කාලය තුළ ඉතා ප්රබල සුළි කුණාටුවක් බවට පත් වෙනු ඇති බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේ වෙතත් මෙහි සෘජු බලපෑමක් ශ්රී ලංකාවට එල්ල වන්නේ නැහැ. එහි වක්ර බලපෑම හේතුවෙන් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබී තිබෙනවා. වර්ෂාවත් සමඟ මේ වනවිට ප්රධාන ගංගා රැසකම ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



