මත්ද්‍රව්‍ය ආරවුලේ බිල්ල – මහමඟ දමා ගිය කුඩු කිලෝ 14ක් (VIDEO)

Share

ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගො‍ස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මේ අතර හෙරොයින් සහ අයිස් කිලෝ ග්‍රෑම් 14 කට අධික ප්‍රමාණයක් යාපනය පුනරින් ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනාව මත අකුරැස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සේවයෙන් පහ කල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News