කෘත්‍රිම බුද්ධියෙන් මතවාදී බෙදීම් එපා – චීනය කියයි

Share

කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්‍රය තුළ මතවාද මත පදනම්ව බෙදීම් ඇති කිරීම හෝ සංවෘත කණ්ඩායම් ගොඩනැගීම සිදු නොවිය යුතු බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං ප්‍රකාශ කරයි. ඇය මෙසේ ප්‍රකාශ කළේ ඊයේ(16) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකාව සහ රටවල් නවයක් එක්ව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ප්‍රකාශනයකට අත්සන් තබා ඇති බව වාර්තා වේ. කෘත්‍රිම බුද්ධිය යනු සමස්ත මානව වර්ගයාට අයත් පොදු සම්පතක් බව චීනය නිරන්තරයෙන් අවධාරණය කර ඇති බව මාඕ නිං ප්‍රකාශ කළාය. මෙම ක්ෂේත්‍රය තුළ මතවාද මත පදනම්ව බෙදීම් ඇති කිරීම හෝ සංවෘත, සීමිත කණ්ඩායම් ගොඩනැගීම සිදු නොවිය යුතුය. කෘත්‍රිම බුද්ධිය සමස්ත මානව වර්ගයාට ප්‍රයෝජනවත් වන බව සහතික කරමින් එහි සංවර්ධනය සහ පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු බව ද ඇය පැවසුවාය.

Read more

Local News