පාකිස්ථානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් තමන්ගේ සහ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බැවින් කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
74 හැවිරිදි තමන්ට පවතින මෙම තත්ත්වය ජීවිතය අහිමි විය හැකි අවදානමකට ඇද දමමින් සිටින බව ඔහුගේ නීතිඥ Salman Safdar විසින් ප්‍රසිද්ධියට පත් කළ ලිපියක සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, Islamabad බලධාරීන් පවසන්නේ ඉම්රාන් ඛාන් සතිපතා වෛද්‍ය පරීක්ෂාවට ලක් කෙරෙන බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක මට්ටමක පවතින බව වෛද්‍යවරුන් තක්සේරු කර ඇති බවත්ය.
චෝදනා 100කට අධික සංඛ්‍යාවකට මුහුණ දී සිටින ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර සිටී. ඔහුගේ බිරිඳ Bushra Bibi ද පසුගිය වසරේ ඔහු සමඟ සිරගත කෙරිණ.
කෙසේවෙතත් දූෂණය සහ රාජ්‍ය ත්‍යාග අලෙවි කිරීම ඇතුළු චෝදනා තමන්ට එරෙහි දේශපාලන අරමුණු මත එල්ල කළ ඒවා බව ඉම්රාන් ඛාන් පවසයි.
Share
Read more



