2027 වසරේදී රුවන්ඩාව තුළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට යුරෝපා රටවල් පහක් සූදානම් වෙයි. ජර්මනිය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, ග්‍රීසිය සහ නෙදර්ලන්තය එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ යටතේ, එම රටවල නීතිවිරෝධී ලෙස රැඳී සිටින සහ පිටුවහල් කිරීමට නියමිත සංක්‍රමණිකයන් රුවන්ඩාව වෙත යොමු කෙරෙනු ඇත. තම මව් රටට ආපසු යැවීමට නොහැකි වන පිටුවහල් කිරීමට නියමිත පුද්ගලයන් සඳහා ද මෙම මධ්‍යස්ථානය විකල්පයක් වනු ඇති බව නෙදර්ලන්ත රජය සඳහන් කරයි.
Share
Read more



