චීන, රුසියානු සහ ඇමරිකානු රාජ්‍ය නායකයන් අතර පැවැත්වෙන හමුව ඓතිහාසික වැදගත්කමකින් යුක්ත බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළාය.
රටවල් තුනේ රාජ්‍ය නායකයන් ඉතිහාසයේ ප්‍රථම වරට මුහුණට මුහුණ හමුවන අවස්ථාව මෙය වන බවත්, ලෝක සාමය ආරක්ෂා කිරීම සහ ප්‍රධාන බලවතුන් අතර සබඳතාවල උපායමාර්ගික ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී ගැඹුරු අදහස් හුවමාරුවක් සිදු කිරීමට නියමිත බවත් ප්‍රකාශිකා Mao Ning එහිදී සඳහන් කළාය. චීනය, රුසියාව සහ ඇමරිකාව යන රටවල් තුනම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජික රටවල් මෙන්ම එහි ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජික රටවල් ද වේ. එමෙන්ම දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට්වාදයට එරෙහි සටනින් ජයග්‍රහණය කිරීම සඳහා ඓතිහාසිකව එම රටවල් තුන එක්ව කටයුතු කළ බව ද ඇය සිහිපත් කළාය.
Share
Read more



