ලබන ජුලි මාසයේ සිට මිල අධික පිළිකා වැනි ඖෂධ වර්ග රැසක මිල අඩු කිරිමට පියවර

Share

මිල අධික පිළිකා වැනි ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ප්‍රථම අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරිමට පියවර ගන්නා ලදි. දෙවන අදියර යටතේ මිල අධික ඖෂධ වල මිල අඩු කිරීමට තමන් තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඖෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් වල මිල ගණන් සංශෝධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත. සෞඛ්‍ය සේවා තුලින් වැට් බදු ඉවත් කිරිම නිසා ගැටලු රැසක් විසදුන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා එම නිසා රෝහල් මිල නියාමනය කිරීමට තමන් තීරණය කළ බව ප්‍රකාශ කරයි.

ඖෂධ මාෆියාව නැති කිරීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. පිළිකා ඖෂධ සදහා තිබූ මාෆියාව නතර කිරිමට තමන්ට හැකි වූ බවත්, රුසියාවෙන් ආනයනය කළ පිළිකා එන්නතෙන් රෝගීන්ට සංකූලතා මෙතෙක් ඇති වූබවට වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම එන්නත හදුන්වා දුන් පසු මාධ්‍ය මගින් විශාල විරෝධයක් ඇති කරන ලදි. නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත මෙම රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ආනයනය කළ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Read more

Local News