“කොළඹ මුද්දර දැක්ම” මුද්දර අළෙවි සල්පිල හෙට සිට තැපැල් මූලස්ථානයේදී

Share

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන “කොළඹ මුද්දර දැක්ම” මුද්දර අළෙවි සල්පිල, හෙට (29) අනිද්දා (30) සහ ජූලි මස 01 යන දිනයන්හිදී කොළඹ 10, ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.

මුද්දර කාර්යාංශයට අමතරව දිවයිනේ ප්‍රමුඛතම මුද්දර අළෙවිකරුවන් රැසක් මේ සඳහා අළෙවි කුටි ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ පැරණි සහ දුර්ලභ මුද්දර මෙන්ම කාසි හා නෝට්ටුද මුද්දර ඇල්බම් ආදියද සාධාරණ මිළ ගණන් යටතේ මිලදී ගැනීමට මුද්දර ලෝලීන්ට මෙහිදී අවස්ථාව සැලසෙනු ඇත.

Read more

Local News