ලොව වේගවත්ම පුද්ගලයාව සිටි බෝල්ට්, ජස්ටින්ට පරදී!

Share

මීටර් සීය සහ දේශීය කෙටි ධාවන පථයේ ශූරයාව සිටි උසේන් බෝල්ට් පරාජයට පත් කරමින් ජස්ටින් ගැට්ලින්(Justin Gatlin) ලද ජයග්‍රහණය “අංග සම්පූර්ණ කතාවක් නොවන” බව ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ සාමිවරයා (Lord Coe) පවසයි.


ඊයේ (අගෝස්තු 05) රාත්‍රියේ ලන්ඩනයේ පැවැත්වුන මීටර් සීය ධාවන තරඟයෙන් බෝල්ට් පරාජය වීම සමස්ත ක්‍රීඩා ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත.
රන් පදක්කම් අටක් දිනා ගනිමින් “ලෝකයේ වේගවත්ම මිනිසා” ලෙස විරුදාවලි ලැබ සිටි බෝල්ට් සෙනසුරාදා රාත්‍රියේ මීටර් සීය ධාවන පථය නිම කිරීමට තත්පර 9.95ක් ගත් අතර ඔහුට හිමි වුණේ තුන්වෙනි ස්ථානයයි.


පළමු තැන හිමිකර ගත් ජස්ටින් ගැට්ලින් තත්පර 9.92 කදීත් දෙවන තැනට පැමිණි ක්‍රිස්තියන් කෝල්මන් තත්පර 9.94 කදීත් ධාවන පථයේ අවසන් රේඛාවේ පාද තබා තිබුණි.
මෙම තරඟාවලිය නිමාවේ තමා ක්‍රීඩාවෙන් සමුගන්නා බව බෝල්ට් කල්තබාම ප්‍රකාශ කර තිබුණි.

Read more

Local News