Home දේශීය පුවත් මූලගිරි රාජ මහා විහාරස්ථානයේ බුදු පිළිමය කඩා නිදන් වස්තු සොරාගෙන – සැකකරු අත්අඩංගුවට

මූලගිරි රාජ මහා විහාරස්ථානයේ බුදු පිළිමය කඩා නිදන් වස්තු සොරාගෙන – සැකකරු අත්අඩංගුවට

0
මූලගිරි රාජ මහා විහාරස්ථානයේ බුදු පිළිමය කඩා නිදන් වස්තු සොරාගෙන – සැකකරු අත්අඩංගුවට

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පැල්වත්ත හිගුරුකඩුව මාර්ගයේ පිහිටා ඇති මූලගිරි රාජ මහ විහාරස්ථානයේ හිටි පිලිමයේ ශීරෂය බිද එහි තිබූ නිදන් වස්තු කොල්ලකා තිබෙන බවට වාර්තා ව‌ෙයි.

පසුව විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ බුත්තල පොලිසියට සිදු කළ පැමිනිල්ලකට අනුව බුත්තල පොලිසිය විසින් මීට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි හතලිස් දෙහැවිරිදි පුද්ගලයකු ව‌ෙ‌යි.

ඔහු එහි තිබූ නිදන් වස්තු සොරකම් කර වැල්ලවාය ප්‍රදේශයේ පිහිටා ඇති රන් භාණ්ඩ වෙලදසැලක් වෙත රුපියල් තිස් දහසක මුදලකට එවා අලෙවි කර ඇති බවට සැකකරු පාපොච්චාරණය කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) ඉදිරිපත් කිරීමට නියමිතයි.

බුත්තල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here