ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පිහිටි සෞඛ්‍ය අධ්‍යයන විශ්වවිද්‍යාල ආයතනයේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ 28 කට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “මෙම පාඨමාලාව ආරම්භ කළේ 2013 වසරේ දී. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යධූරය දරන සමයේ දී මෙම පාඨමාලාව පිළිබදව ගැටලු ඇති වුනා. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් වූ පසු පාඨමාලාව පවත්වාගෙන යාම සදහා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සමග වසර 03 ක ගිවිසුමකට එළඹුනා. ඔබ සැම කළ පාඨමාලාවේ දී මුහුණ දුන් ගැටලු සහතික පත්‍රයේ කොතනකවත් සදහන් වෙලා නැහැ. මෙම පාඨමාලාව සංවිධානගතව ඉදිරියට ගෙන යා යුතුයි. පාඨමාලාව හැදැරූ මෙම සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ රැකියා ලබාදිමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුවයි.”