Home දේශීය පුවත් පළමුවරට ම‌ෙරට කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළක්

පළමුවරට ම‌ෙරට කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළක්

0
පළමුවරට ම‌ෙරට කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට යෝජිත කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය 21දා හපුතලේ, කහත්තේවෙළ ගම්මානයෙන් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන “අපි වවලයි – අපි කන්නේ” වගා සංවර්ධන වැඩසටහන යටතේ මෙම ආදර්ශ කෘෂි ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ප්‍රථම ගම්මානය වශයෙන් සංවර්ධනය කෙරෙනුයේ හපුතලේ කහත්තේවෙළ ගම්මානයයි.
රුපියල් මිලියන 80ක මුදලක් මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැය කරනු ලබයි. ඒ අනුව කහත්තේවෙළ ගමේ පිහිටි ප්‍රධාන ඇළ මාර්ග වන යටල ඇළ හා සිරිමල්වත්ත යාය ඇළ දෙක පූර්ණ ප්‍රතිසංවර්ධනය කෙරේ. මීට අමතරව ආගමික සිද්ධස්ථාන භූමි, කෘෂි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වනසතුන්ගෙන් භෝග ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැට සැකසීම, කහත්තේවෙළ පලතුරු ගම්මානය පිහිටුවීම, කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීම, ආරක්ෂිත ගෘහ හෙවත් පොලිටනල් යටතේ වගා කිරීම, මී මැසි පාලනය, කෘෂි මාර්ග සංවර්ධනය, කොස් පැළ 5000ක් හමුදා අංශවල සහයෝගය ඇති රෝපණය කිරීම, ආරක්ෂිතව ගබඩා කිරීම, අලෙවි මධ්‍යස්ථාන ආදි වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here