ශ්‍රී ලංකාවේ හොඳම සිංහල වෙබ් අඩවියට හිමි රන් සම්මාන‌යෙන් සියත වෙබ් අඩවිය පිදුම් ලබයි

Share

ලංකා වෙබ් අඩවි රෙජිස්ට්‍රාර් සමාගම (LK Domain Registry) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟයේ (Best Web 2018) ශ්‍රී ලංකාවේ හොඳම සිංහල වෙබ් අඩවිය ට හිමි රන් සම්මානය දිනා ගැනීමට www.SiyathaNews.lk අප වෙබ් අඩවිය වෙත සමත් විය.

කොළඹ ගලදාරි හෝටලයේ දී ඊයේ (18) රාත්‍රියේ දී සම්මාන උළෙල වර්ණවත්ව පැවැත්විණි.

www.SiyathaNews.lk ව‌ෙබ් අඩවිය ක‌ෙටි කාලයක් තුළ ම‌ෙරට ජනතාවග‌ේ විශ්වාසවන්තම ප්‍රවෘත්ති සපයන්න‌ෙකු බවට පත් වුය‌ේ නිවැරදි පුවත් ක්ෂණිකව ජනතාවට විශ්වාසවන්තව ලබා දීම හ‌ේතුව‌ෙනි.

එසේම Voice of Asia මාධ්‍ය ජාලයේ Kiss FM නාලිකාවේ වෙබ් අඩවියට Special Merit සම්මානයක්ද ඊය‌ේ (18) දින හිමිවිය.

සත්‍ය සියතට ගත් වැදගත් ප්‍රවෘත්ති සැමට ප්‍රථමයෙන් ඔබට ගෙන එන සියත ප්‍රවෘත්ති සමග රැඳී සිටින ඔබට අපගේ ස්තුතියි.

Read more

Local News