මඩකලපුවේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුමක්

Share

මඩකලපුව දිස්ත්‍රික්කයේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය හා ඉන්දියානු රජය සමග පසුගිය දා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි.
ඒ අනුව අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් Taranjit Singh Sandhu මහතා හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් රේණුකා ඒකනායක මහත්මිය අත්සන් කොට ඇත.
මෙම අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක් වැයකරමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 3400කට සනීපාරක්ෂක පහසුකම් සැපයේ.

Read more

Local News