ලෝක වැඩිහිටි දිනය යෙදී තිබෙන්නේත් අද (01) දිනයටයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දකුණු ආසියාවේ වේගයෙන්ම වියපත් වීමේ ජනගහනයට ශ‍්‍රී ලංකාව හිමිකම් කියන බවත් මෙරට මුළු ජනගහනයෙන් 12.4%ක් අවුරුදු 60ට වැඩි ජනගහනය බවත් ය.
ඒ අනුව ඉදිරි දශක කිහිපයේදී ශ්‍රී ලංකාවේ වියපත් වීමේ වේගය තවත් ඉහළ යාහැකි ප්‍රවණතාවයක් ඇත.
2041 වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 25% එසේත් නැතිනම් සෑම 05 දෙනෙකුගෙන්ම එක් අයෙක් වැඩිහිටියෙක් විදිහට සංඛ්‍යාලේඛණවලින් පෙන්නුම් කරයි.