Home දේශීය පුවත් ඇසළ පුන් පොහෝ දිනය අදයි

ඇසළ පුන් පොහෝ දිනය අදයි

0
ඇසළ පුන් පොහෝ දිනය අදයි

ඇසළ පසළොස්වක පොහොය අද (27) ට යෙදී ඇත.

ඇසළ පොහොය සුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනකය.

ගිහිගෙය අතහැර අභිනිශ්ක‍්‍රමණය කිරීම, ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම, ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය කිරීම සඳහා යමාමහ පෙළහර පෑම, තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දෙසීම වැනි බුදු සිරිතේ ඉතා වැදගත් සිදුවීම් සිදුවුණේ ඇසළ පුර පසළොස්වක දාය.

රාහුල කුමරුන්ගේ උපත සිදුවී ඇත්තේ ද මෙදිනයි. බුද්ධ පරිනිර්වාණයෙන්තෙමසකට පසු මහා කාශ්‍යප මහරහතන්වහන්සේ ප‍්‍රධාන රහතන්වහන්සේලා පන්සියයක් සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේහාර පර්වත මූලයෙහි දී ප‍්‍රථම ධර්ම සංගීතිය පවත්වා ඇත්තේ ද ඇසළ පෝ දිනයකදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here