වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරුණගම ග්‍රාම නිලධාරී වසමේ කොටවෙහෙරගල කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබේ.
ගින්න නිසා රක්ෂිතයේ අක්කර සීයකට වඩා විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක රැසක් ම විනාශ වී ඇති අතර සතුන් රැසක්ම විනාශ වී තිබේ.
මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් මෙම ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත.



