වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර නිලධාරීන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Share

බන්ධනාගාර අධිකාරීවරුන් සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් හා ජේලර්වරුන් 12 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසර කිහිපයක් තුළ පුර්ණ විධිමත් තත්වයට පත් කිරීමේ අරමුණින් අවශ්‍ය මානව සම්පත සුදුසු පරිදි ස්ථානගත කිරීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ අනුව නිලධාරීන්ගේ කාර්ය සාධන තත්වය හා පවත්නා තොරතුරු පදනම් කර ගනිමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හොද මට්ටමකට ගොඩ නැංවීමේ අරමුණින් බන්ධනාගාර අධිකාරීවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්, පළමු පෙළ සහ දෙවන පෙළ ජේලර්වරුන් 12 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

Read more

Local News