සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහන

Share

මීට පෙර ලබාගෙන ඇති ණය මුදල් ගෙවා ගත නොහැකි වීම නිසා තම ව්‍යාපාරවල දෛනික අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට, බැංකු මඟින් අරමුදල් සළසා ගැනීමට නොහැකි වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට, වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිති සම්මේලනය හරහා ණය පහසුකම් සළසා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිවී තිබේ.

මීට පෙර ලබාගෙන ඇති බැංකු ණය නොගෙවීම නිසා යළිත් ණය ලබාගැනීමට නොහැකි වී මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ පා සිටින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහනයක් ලබාදීම මෙහි අරමුණ බවද එම යෝජනාවේ සඳහන් වෙයි.

Read more

Local News