මැදිරිගිරිය වාරි කළමනාකරණ කාර්යාලය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ සිදුකෙරිණි.
එහිදී ද පැමිණ සිටි පිරිස විසින් ජනාධිපතිතුමා මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
මේ අවස්ථාව සදහා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, දුමින්ද දිසානායක යන මහත්වරුන්ද එක්වූහ.