උපාධිධාරි හෙඳ නිලධාරීන් බිහි කිරීම සදහා මුල්ලේරියාව රෝහල් පරිශ්‍රයේ ඉදිකරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලීය හෙඳ පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර සංකීර්ණය සදහා මුල්ගල් තැබීම අද (04) පෙරවරු 10.00 ට සිදු කිරිමට නියමිතය.
ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ සදහා වැය කරනු ලබන මුදල රුපියල් බිලියන 07 කි.
අංගසම්පූර්ණ නේවාසිකාගාරයක් වන මෙහි ක්‍රීඩා පහසුකම් වලින් ද යුක්ත වේ. කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඉදිකෙරන හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භූමියේ මේ වන විට ඉදිවෙමින් පවතියි.