ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා අද (08) උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.
ඉන්ද්‍රජිත් නාවින්න ටෙලිනාට්‍ය රැසකට මෙන්ම චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබේ.
මීට වසර කිහිපයක සිටම මතක ශක්තිය හීනවීමේ ස්නායු ආබාධයකට ගොදුරුව සිටි ඔහු කලා කටයුතු වලින් ඉවත්ව සිටියේ ය.
ඔහු මියයන විට 71 වන වියේ පසුවිය.