Home දේශීය පුවත් දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

0
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (10) නිකුත් කළ නිවේදනය‌ේ දැක්ව‌ෙයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසිද ඇති විය හැක.

වයඹ පළාතේ සිහින් වැසි ඇතිවිය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, දකුණු පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here