ලාස් වේගාස් හි මියගිය පිරිස 59ක් දක්වා ඉහල

ඇමෙරිකාවේ, නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි ලාස් වේගාස් හි පෙරේදා (01දා) රාත්‍රියේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක් අතරතුර එල්ල වූ වෙඩි තැබීමෙන් මියගිය පිරිස 59ක් දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර තුවාල ලැබූ පිරිස 527ක් පමණ බව වාර්තා වේ.