පාර්ලිමේන්තුවට හෙටින් පසු විශාල වගකීමක් හා යුතුකමක් පවතිනවා – කතානායකවරයා

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කරමින් ඊයේ(2) කතානායකවරයා සඳහන් කළේ වර්තමාන පාර්ලිමේන්තුවට හෙටින් පසු විශාල වගකීමක් හා යුතුකමක් පවතිනවා. ඉදිරි අනාගතයේ දී ඊළඟ පරපුර, නූපන් පරපුර වෙත යුක්තිගරුක, නීතිගරුක, සුදුස්සාට සුදුසු තැන ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කිරීමට අප සියලු දෙනා කැපවිය යුතු බවත් ඒ සඳහා ජාතික,ආගමික හා දේශපාලනික සමඟිය ඇතිවිය යුතු බවයි.

දේශයේ උන්නතිය වෙනුවෙන් අප අත්වැල් බැඳගත යුතුයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මෙරට උත්තරීතර ස්ථානයයි. එම ගරුත්වය රැක ගැනීමට අප පියවර ගත යුතු බවත් කතානායකවරයා සඳහන් කළේය.

 

 

Previous articleජනතාවගේ මූලික වගකීමක් මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම – ජනපති
Next articleදිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්