උතුරු සුඩාන‌යේ නයිල් ගඟ‌ේ සිදු වු බ‌ෝට්ටු අනතුරකින් පාසල් ළමයින් 22 ද‌ෙන‌ෙකු මරුට

Share

උතුරු සුඩානය හරහා ගලා බසින නයිල් ගඟ‌ේ සිදු වු බ‌ෝට්ටු අනතුරකින් පාසල් ළමයින් 22 ද‌ෙන‌ෙකු මියග‌ොස් තිබේ.

ම‌ෙල‌ෙස අනතුරට ලක්ව ඇත්ත‌ේ පාසල් ළමයින් 40කට අධික පිරිසක් රැගත් බ‌ෝට්ටුවක් බවයි විද‌ෙස් ‍‍‍‍‍‍‍‍‍මාධ්‍ය වාර්තා කරන්න‌ේ.

උතුරු සුඩානය හරහා ගලා බසින නයිල් ගඟ‌ හරහා සිසුන් පාසල ව‌ෙත ගමන් කරමින් සිටියදී ම‌ෙම අනතුර සිදුව ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්න‌ේ.

විද‌ෙස් ‍‍‍‍‍‍‍‍‍මාධ්‍ය වාර්තා කළ‌ේ, බ‌ෝට්ටුවේ සිදුවු කාර්මික ද‌ෝෂයක් හ‌ේතුව‌ෙන් ම‌ෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් පාසල් ළමයින් 22 ද‌ෙන‌ෙකුට අමතරව තවත් කාන්තාවක් ද ජිවිතක්ෂයට පත්ව තිබේ.

සිවිල් ආරක්ෂක බලකාය විසින් විපතට පත්වුවන්ග‌ේ සිරුරු ස‌ොයා ‌මේ වන විටත් ම‌ෙහ‌ෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

එරට වාර්තා අනුව පාසල් ළමුන් 9 ද‌ෙන‌ෙකුග‌ේ තත්වය බරපතල බවයි වාර්තා වන්න‌‍ේ.

Read more

Local News