ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ලෙස සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පත් කෙරේ

Share

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.
ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.
ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයා ද වන හේමසිරි ප‍්‍රනාන්දු මහතා පරිපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෙකි.
හිටපු අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලේකම්වරයා හා තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙන හේමසිරි ප‍්‍රනාන්දු මහතා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සභාපතිවරයා වශයෙන්ද, ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

Read more

Local News