දෙසැමිබර් 10 රන්ජන්ට එරෙහි නඩුව විභාගයට

Share

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 10 වන දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඈත. පැමිණිල්ල අද අග විනිසුරු ප්‍රියසාත් ඩෙප්, විජිත් මළල්ගොඩ සහ එල් .ටී. බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. මේ සදහා වගඋත්තරකරු ලෙස අමාත්‍යවරයා පෙනී සිටියේය.
මෙහිදී නීතිපතිවරයා විසින් පුද්ගලයින් 14 දෙනෙකුගෙන් සමන්විත සාක්ෂි ලැයිස්තුවක් සහ නඩුභාණ්ඩ අටක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. එම නඩු භාණ්ඩ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අඩංගු බව කියන සංයුක්ත තැටි හතරක් සහ එම ප්‍රකාශය පළ කෙරුණු ප්‍රවෘත්ති වාර්තා හතරක් ද ඇතුළත් විය.කරුණු සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල දෙසැම්බර් මස 10 , 11 සහ 12 වනදා යන දිනවල විභාගයට ගැනීමට නියම කර තිබේ.

තවද මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳ පවතින විශ්වාසය බිඳ වැටෙන බව සටහන් කරන ලෙස පැමිණිලිකරුවන් මේ තුළින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කොට ඔහුට දඬුවම් පමුණුවන මෙන්ද ඉල්ලා තිබේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබූ සිරස සහ හිරු රූපවාහිනී ආයතනවල නියෝජිතයින් හය දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසිත නිකුත් කර තිබේ.

වගඋත්තරකාර නියෝජ අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරුගේ අපහාසාත්මක බව කියන ප්‍රකාශය මාධ්‍ය ආයතන ගණනාවක්ම නැවත වරින්වර ප්‍රචාරය කර ඇති බවත් එම ආයතන සම්බන්ධයෙන් ද අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කළ යුතු බව දන්වා සිටියේය. එවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සඳහන් කර සිටියේ ඒ පිළිබඳව පසුව සලකා බැලිය හැකි බවයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් අගෝස්තු මස 21වන දා අරලියගහ මන්දිරයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වලට ප්‍රකාශයක් කළ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් අති බහුතරය දූෂිත පුද්ගලයන් වශයෙන් හඳුන්වා දී ඇති බව කියා සිටියේය

ඒ අනුව රන්ජන් රාමනායක මහතාට එරෙහිව චෝදනා පත්‍රය පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිලිවලට අනුව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබේ.

Read more

Local News