හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Share

යම් යම් හේතු මත මෙතෙක් කල් විශ්‍රාමිකයන්ගේ මුල්‍යමය තත්වය සැලකිල්ලට ගැනීමට නොහැකි වුනු අතර, මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වයේ සමගාමිත්වය සමඟ ඔවුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇරඹීමට හැකි වු බව ඇමතිවරයා කියා සිටියේය. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් අද(05) සිට ආරම්භ කළ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සදහන් කළේය

මේ සඳහා තෝරාගත් සියලු දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC හි පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකය.මෙය හුදෙක් ඔවුන්ට රජයේ හදපිරි කෘතඥතාවය සහ ගෞරවය පල කිරීමට ගන්නා වැඩපිළිවෙලකි.

එමෙන්ම තෝරාගත් විශ්‍රාමිකයන්ට මසකට රු 25,000 බැගින් වර්ෂයක් දක්වා ගෙවීම් කරන අතර, පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අභිමතය පරිදි එය අලුත් කිරීමට පියවර ගනු ඇත. ඊට අමතරව වසරකට රුපියල් 150,000 ක් දක්වා රෝහල් බිල් රක්ෂණාවරණ පහසුකමක් ද සලසා දීමට නියමිතය.

මෙහි පළමු පියවර වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය විසින් වයස අවුරුදු 65ට වැඩි, දැනට ශ්‍රී ලංකාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා වගකීම් රහිත ගෙවීමක් කිරීමට නියමිතයි.

Read more

Local News