ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට පරාජය

Share

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරඟයෙන්ම ඉන්දියාව හමුවේ ගෝල් 2-0කින් පරාජයට පත් වීමට සිදුවිය.

බංග්ලාදේශයේ බංගබන්ධු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැති මේ තරඟයේදී ඉන්දියාව මුල සිටම ආක්‍රමණශීලීව වැඩි වාසි අත්කර ගත්තේය.

දකුණු ආසියා පාපන්දු ශූරතාවලි ඉතිහාසයේ වසර 1995න් පසුව ශ්‍රී ලංකාව, ඉන්දියාව හමුවේ ජයග්‍රහණයක් ලැබීමට මෙත‌ෙක් සමත් නොවීම විශේෂත්වයකි.

මේ තරගයේදී ශ්‍රී ලංකා නායකු සුභාෂ් මධුෂාන් 39 වැනි මිනිත්තුවේදී ඉවතට ගැනීමට ශ්‍රී ලංකා පුහුණුකරු තීරණය කළේය.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර හෙට (7) පැවැත්වෙන තරඟයේ ප්‍රතිඵල මත මේ ශූරතාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවට පිවිසීමේ පිවිසීමේ අවස්ථාව තීරණය වනු ඇත.

පෙරේදා පැවැති පළමු තරඟ දෙකෙන් සත්කාරක බංග්ලාදේශයට හා පාකිස්තානයට ජයග්‍රහණය හිමිවූ අතර බංග්ලාදේශය ගෝල් 2-0කින් භූතානය හා පාකිස්තානය ගෝල් 2-1කින් නේපාලය පරාජය කළහ.

Read more

Local News