විදෙස් මුදල් සමඟ කතක් අත්අඩංගුවට

Share

විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික 60 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික ගුවන් මගී කාන්තාවක් අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම 4.00 ට ඉන්දියාව බලා පිටත්ව යන ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9W255 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලේ ශ්‍රී ලංකා රුපියල් 37,27,344 ක් වටිනා ඇමෙරිකා ඩොලර් සහ ස්විස් ෆ්‍රෑන්ක් තොගයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

Read more

Local News