“ජාතික විශ්‍රාමික දින සැමරුම – 2017” ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී හෙට

ජ්‍යෙෂ්ඨ පරපුරක නොනිමි මෙහෙවර ඇගයීමේ බස්නාහිර පළාත් “ජාතික විශ්‍රාමික දින සැමරුම – 2017″උත්සවය (08) දින පෙරවරු 9.00 සිට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්වේ.

සංචාරක, සංවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ සඳහා ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙහි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහභාගි වීමට නියමිතව ඇත.