ඊයේ දිනට තරඟය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 254යි

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඊයේ (06දා) පැවැති දිවා – රාත්‍රී දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ඊයේ දිනට නිමා කරන විට ප්‍රථමෙයන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 90ක් තුළ ක්‍රිඩකයින් තිදෙනක් දැවී ලකුණු 254ක් ලබා ගෙන සිටියි.

දිනේෂ් චන්දිමාල් පන්දු 153කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 49ක් ලබා ගෙන සිටියි.

දිමුත් කරුණාරත්න පන්දු 281කදී හතරේ පහර 15ක් හා එක හයේ පහරක් සමඟින් ලකුණු 133ක් ලබා ගෙන සිටියි.

  

 

Previous articleසංවර්ධනය හා ජනගහනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වන සමුළුව අද
Next articleශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ටෙස්ට් තරඟයේ පළමු ඉනිමට ලකුණු 482ක්