143 වන ලෝක තැපැල් දින සැමරුම ජනාධිපති ප්‍රධානත්වයෙන් අද

“දුම්රිය මගින් තැපැල් ප්‍රවහනය” යන තේමාව ඔස්සේ එකසිය හතළිස් තුන්වන ලෝක තැපැල් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වේ.

මෙවර ලෝක තැපැල් දින සැමරුම වෙනුවෙන් රුපියල් පහළොවක හා රුපියල් තිස්පහක් වටිනා මුද්දර දෙකක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

ඊට අමතරව වසර නවයකට පසු තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින අටදහස් පන්සීයක් වන තැපැල් කරුවන්ට නව පාපැදි ලබාදීමද වැඩිම ආදයම් ලබාදුන් තැපැල්කරුවන් ඇගයීමද, තැපැල් ප්‍රවහන සේවා සවිමත් කිරීම සඳහා රුපියල් මිලියන තුන්සිය විසිපහක වියදමින් වෑන් රථ හතරක් හා කුඩා කැබ්රථ දෙපාර්තමේන්තුව වෙත ලබා දීම ජනපති අතින් සංකේතවයත් අයුරින් සිදු කෙරේ. ‍

 

 

Previous articleඅද සිට දැඩිව මංතීරු නීතිය ක්‍රියාත්මක කරයි
Next article2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට