තවදුරටත් ගිගුරුම් සහිත වැසි

Share

ඔක්තෝබර් මස 10 වන දින සිට සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩි විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

සෙසු පලාත්වල  (විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ) තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථාන, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් තරමක තද වැසිද බලාපොරොත්තු විය හැක.

 

Read more

Local News