අගමැති ෆින්ලන්ත මන්දිරයේ දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වෙයි

Share

ෆින්ලන්තයේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙල්සින්කි නුවර ෆින්ලන්ත මන්දිරයේ පැවැති දිවා භෝජන සංග්‍රහයකට ඊයේ (9) සහභාගි විය.

ෆින්ලන්‍තයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායක ආයතන තුනක් සමඟ මෙහිදී අග්‍රාමාත්‍යවරයා සාකච්ජා පැවැත්විය.

ෆින්ලන්තයේ නිල ආනයන ණය සමාගම වන ෆින්වේරා, නොර්ඩික් ආයෝජන බැංකුව සහ ෆින්ලන්තයේ ප්‍රමුඛ තාක්ෂණ සේවා සැපයුම් ආයතනයක් වන ඔටොටෙක් ආයතනය යන ව්‍යවසායන්හි ඉහළ පෙළේ නිලධාරිහු මෙම සාකච්ජාවට සහභාගි වුහ.

Read more

Local News