ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද රටේ ජනතාවට බර පටවමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩදිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18 ) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරීන් හා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් හමුවී කරන ලද සාකච්ඡාවේදීය.