දෙවෙනි ටෙස්ට් තරඟයේ ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය ජය ගනී

Share

පකිස්තානය සමග ඇරඹූ දෙවෙනි ටෙස්ට් තරගාවලිය ජයගැනීමට ද මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව අද (10) පැවති තරගය ජයගත්තේ ලකුණු 68 කිනි.

ලකුණු 317 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්තානු පිතිකරුවන්ට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 248ක් පමණි.

ඒ අනුව දෙවන ටෙස්ට් තරඟය ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ICC ටෙස්ට් ශ්‍රේණි ගතකිරීම් වල හත්වන ස්ථානයේ සිට හයවන ස්ථානයට පැමිණ ඇති බව ICC ය විසින් ඔවුන්ගේ ට්ව්ටිඅර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේය.

ඒ අනුව හයවන ස්ථානයේ සිටි පාකිස්තාන කණ්ඩායම්, ශ්‍රී ලංකාව හමුවේ ලද 2 – 0 ක ටෙස්ට් පරාජයත් සමග හත්වන ස්ථානයට ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 90 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 94 ක් ලෙසද, ලකුණු 93 ක් ලබාගෙන සිටි පාකිස්ථාන කණ්ඩායම ලකුණු 88 ක් ලෙසද නව ශ්‍රේණි ගතකිරීම් ලකුණු සටහනේ දැක්වේ.

තවද පාකිස්තානය, පාකිස්ථානයේදී ටෙස්ට් තරඟාවලියක් පුරන ලෙස පරාජයට පත්වූ දෙවන අවස්ථාවද මෙය ලෙස ඉතිහාසගත වේ. මෙසේ පාකිස්ථානය මීට පෙර පුර්ණ ටෙස්ට් තරඟාවලියක් පාරාජය වුයේ 2002/2003 දී ඔස්ට්‍රේලියාවට එරහිවයි.

 

මෙම තරඟාවලියේ නිළ රුපවාහිනී විකාශක වශයෙන් අප සියත tv නාලිකාව කටයුතු කරන අතර 13දා සිට ආරම්භ වන එක්දින තරංගාවලියේ නිළ ගුවන්විදුලි නාලිකාව වශයෙන් කටයුතු කරන්නේ අප සහෝදර සියත FM නාලිකාවයි

Read more

Local News