සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 5 වන සහ අවසන් එක්දින තරඟය අද (23) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
එංගලන්තය දැනටමත් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජයගෙන අවසන්. දිවා රාතී‍්‍ර තරඟයක් වන මෙය ආරම්භ වන්නේ පස්වරු 02.30ටයි.
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා මෙම කී‍්‍රඩාංගනයේ පවත්වා ඇති එක්දින තරඟ සංඛ්‍යාව 09ක්. ඉන් තරඟ 08කම ජය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වී තිබේ.