ආහාර නිෂ්පාදන සංග්‍රාමය වෙනුවෙන් කුරුණෑගල වැඩසටහන් රැසක්

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන බව සඳහන් කරයි.

ජාතික ආහාර නිෂ්පාදන සතිය ලෙස නම් කර ඇති ඔක්තෝබර් 06 සිට 12 දක්වා සතියේ රාජ්‍ය සේවක දිනය ලෙස නම් කර ඇති මෙදින රුක් රෝපණ වැඩසටහනක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් වෙත නොමිලයේ පොල් පැලයක් ලබා දීමේ වැඩසටහනක්, බීජ, රෝපණ ද්‍රව්‍ය, කාබනික පොහොර, රසායනික පොහොර හා පොල්, එළවලු , පලතුරු , මල් හා විසිතුරු පැල වර්ග අලෙවි කිරීමේ පොලක් පැවත්වීම සිදුකෙරිණ.