සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 15 වන දා

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 15 වන දා පෙ.ව. 9.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැවැත්වීමට නියමිත බවයි.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1301 ක දී මෙම විභාගය පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 169,212 ක් පෙනී සිටිති.