කර්මාන්ත ශාලා, කම්කරු වන්දි ආඥා පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කරනවා – කම්කරු ඇමැති

Share

ඊයේ (11) ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතිය නිමිති කරගෙන කොළඹදී පැවති උත්සවයක් අමතමින් කම්කරු,වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන මහතා පැවසුවේ දැනට පවතින කර්මාන්ත ශාලා ආඥා පනත සහ කම්කරු වන්දි ආඥා පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කරන බව ය.

දැනට තියෙන පනත අනුව අපේ රටේ කර්මාන්තශාලාවලින් 30%ක් පමණ ප්‍රමාණයක්  ආවරණය වන බව පෙන්වා දුන් ඒ මහතා අනිත් 70%වම මේ දැන් තියෙන පනතින් ආවරණය නොවීම හේතුවෙන් එම අංශවල සේවය කරන්නන්ට අසාධාරණයක් හෝ අනතුරක්  වූ විට ඒ අය වෙනුවෙනුත් සේවය කිරීමට හැකිවන පරිදි පනත සංශෝධනය විය යුතුව  බවද පෙන්වා දුන්නේය.

දැනට කම්කරු වන්දි පනත අනුව ශ්‍රමිකයෙක් වෘත්තීය අනතුරක් හේතුවෙන් මියගියොත් ඔහුට හෝ ඇයට හිමි වන්දි මුදල දැනට ලබා දෙන මුදල මෙන් දෙගුණයක් එනම් රුපියල් ලක්ෂ දහයක් ලෙස සංශෝධනය කිරීමටත් අදහස් කර තිබෙන බවත් මෙම පනත කඩිනමින් සංශෝධනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය වෙත ISO 9001-2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය පිරිනැමීම ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණි.

 

Read more

Local News