නිදහස් අධ්‍යාපනයේ පියාගේ 133 වැනි ජන්ම දිනය අදයි

Share

නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ශ්‍රී මතාණන්ගේ 133 වැනි ජන්ම දිනය අදට (13) යෙදී තිබේ.මෙවර ජන්ම දින සමරු උත්සවය පැවැත්වෙන්නේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේදීය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ කන්නන්ගර මහතාගේ ජන්ම දිනය ජාතියක් වශයෙන් එක්ව සැමරීම එතුමාට කරන ගෞරවයක් බවත් ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙවර පිළිබඳව හැරී බලන විට නිදහස් අධ්‍යාපනයට වරම් ලද සියල්ලෝම එතුමන්ට ණය ගැතියෝ බව ය.

Read more

Local News