මුදල් හා මාධ්‍ය අමාත්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුවට

මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අමෙරිකාවේ වොෂින්ටන් නුවර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුවට ඊයේ (12) සහභාගී විය. ලොව රටවල් 52ක විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේ මෙවර සභාපතීත්වය දරන්නේ කැනඩාවයි.

විවිධ රටවල විවිධ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් මතුව ඇති කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුව වැදගත් වේ.

නව්‍යකරණය තුළින් රැකියා අවස්ථා උදා කර ගැනීම මෙවර සමුළුවේ තේමාව වී ඇත.

Previous articleඇල්පිටිය ප්‍රදේශයේ ස්වයං රැකියා කරන්නන්ට උපකරණ – අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා
Next articleප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් සතොස අලෙවිසැල් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා