ඔෆීලියා සුළි කුණාටුව නිසා එක්සත් රාජධානියට අනතුරු අැඟවීම්

Share

ඔෆීලියා සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට බලපෑම් එල්ලවීමේ අවධානමක් පවතින බව බලධාරීන් පවසයි. එය මේ වන විට අත්ලන්තික් සාගරයේ අසෝර්ස් දූපත්වලින් ඔබ්බට ගමන් කරමින් තිබේ.

එහි සුළඟේ වේගය, පැයට කිලෝමීටර 145කි. එය අද දිවා කාලයේදී අයර්ලන්තය හරහා හමා යනු ඇතැයි, අපේක්ෂා කෙරේ. එබැවින් එරට ජනතාවට පරීක්ෂාකාරීව සිටින ලෙසත් අද දිනය තුළ දී අයර්ලන්තයේ වෙරළාසන්න ප්‍රදේශවල පාසැල් වසා දැමීමට ද පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

එමෙන්ම, ගුවන් ගමන් වාර 50ක්ද අවලංගු කර ඇත. ඔෆීලියා සුළි කුණාටුව අද දිනය තුළ දී එක්සත් රාජධානියට ළඟාවනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනු ලැබේ.

Read more

Local News