ඡන්දය වුවමනාවෙන් කල්දාන බව හකීම් කියයි

Share

විශ්වාසභංග යෝජනාවට අදළ ඡන්දය ලබාගැනීම විවිධ ක්‍රියාමාර්ග හරහා කල් දමමින් සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ජනපතිතුමා ඉල්ලා සිටි පරිදි ඊනියා ආණ්ඩුව එකඟත්වය පල කරනවා නම් විශ්වාසභංග යෝජනාව නමින් ඡන්දය ගැනීමට හෝ විද්‍යුත් ක්‍රමයට ලබාදීමට එකඟ බව ඒ මහතා පැවසීය.

හකීම් මහතා වැඩ්දුරටත් පැවසුවේ “නැවත වරක් මේ උප්පරවැට්ටියක් ලෙස භාවිත කරමින් ඡන්දය ගැනීම වැළැක්වීමට කටයුතු කරනවා. ස්ථාවර නියෝග අත්නොහිටවා කටයුතු කළ යුතුයි කියන පරණ කතාවම කියනවා.අපිට බහුතරය අදත් නියමානුකූලව ඔප්පු කිරිමට ඉඩ නොදෙන බව පෙනී ගියා. අපි පියවර කිහිපයක් ගන්නත් අදහස් කරනවා. ආණ්ඩුව විශ්වාසභංගයකින් පරාජය වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුවක් නෑ.” බවයි.

Read more

Local News