මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය අපි සැබෑවක් කළා – අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා

Share

හෝමාගම දියගම මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත තාක්ෂණ ආයතනයේ ශ්‍රවණාගාරය “ආචාර්යය ටී.ඒ.ජී. ගුණසේකර ශ්‍රවණාගාරය” ලෙස නම් කිරීමේ උත්සවයට එක් වු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ සාමුහිකත්වයෙන් බොහෝ දේ ජයග්‍රහණය කළ හැකියි. සිහිනයක් වී තිබුණ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය අපි සැබෑවක් කළ බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මමත් මේ ආයතනයේ ආදී ශිෂ්‍යයෙක්. මෙය ඉදිකිරීම සිහිනයක් වෙලා තිබුණා. ආචාර්යය ටී.ඒ.ජී.ගුණසේකර මහතාගේ මැදිහත්වීමෙන් මෙහි වැඩ කටයුතු ආරම්භ කරන්න හැකිවුණා. වසර දෙකක් වැනි කාලයකදී මෙහි ඉදිරකිරීම් කටයුතු අවසන් කරන්න පුළුවන් වුණා. අපේ කැපවීම අද වන විට ඵලදායී සමාජ මෙහෙවරක් බවට පත්වෙලා තියනවා. එය සතුටට කරුණක්. මේ ආයතනය ඉදිරිකිරීම සඳහා කැප වූ සියලු දෙනාටම ස්තූති කරනවා. මේ ආයතනය දියුණු කිරීම සඳහා ටී.ඒ.ජී. ගුණසේකර මහතා විශාල කැපකිරීමක් කරනවා. එතුමා දැනටමත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස මිල කළ නොහැකි සේවාවක් කරනවා.

Read more

Local News