යෝද තල්මස් දේහයක් කල්පිටිය කුඩාව මුහුදු තීරයට

Share

අඩි හැටක් පමන දිගැති, අඩි තිහක පමණ පලලැති, යෝද තල්මස් දේහයක් කල්පිටිය කුඩාව මුහුදු තීරයට ඊයේ රාත්‍රියේ (17) ගොඩ ගසා තිබිණි. තල්මසාගේ සිරුර බාහිර තුවාල නොවී ය.
මෙම තල්මස දේහය පිළිබදව අදහස් දැක්වූ, ධීවර ව්‍යාපාරිකයෙක් වන සුගත් එමානුවෙල් මහතා පැවසුවේ, එදින පෙරවරුවේ මෙම තල්මස් දේහය වෙරළේ සිට කිලෝ මීටරයක් පමණ දියඹ මුහුදේ පාවෙමින් පැවැති බවය.
දේහය ගොඩට ගැනීමට කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල්ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන්, ප්‍රදේශවාසී සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාව තුන් සියයකට ආසන්න ජනතාවක්, එක් රැස්ව බැකෝවක ආධාරයෙන්, යෝද තල්මස් දේහය ගොඩට ගැනීමට බළවත් පරිශ්‍රමයක් දරණ ලදී.
මෙම තල්මස් දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව කල්පිටිය වණ ජීවී අඩවි වන ආරක්ෂක එම්.එම්.කේ. මොරතැන්න මහතා පැවසුවේ ය.

Read more

Local News